fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතුර බිල වැඩිවීම අනිවාර්යයි

    වතුර බිල වැඩිවීම අනිවාර්යයි

    අනිවාර්යයෙන්ම ජල බිල වැඩි වන බව සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ජල බිල වැඩිවන්නේ වසර 11ට පසුව බව කී අමාත්‍යවරයා ඒ අනුව රුපියල් 50ට තිබූ සේවා ගාස්තුව රුපියල් 300 දක්වා වැඩි වන බවද සඳහන් කළේය.

    අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

    “අපේ ජල කියුබික් මීටර් 15ක් එහෙමත් නැත්තම් ලීටර් 500ක් අපි අර සර්විස් චාර්ජ් එක ඇතුලේ දෙනවා. ඒ කියන්නේ රුපියල් 300ට. උදාහරණයකට ගත්තොත් ලීටර් 15,000ක් වතුර මාසෙට දෙනවා. එතනින් එහාට ස්ලැබ්ස් ස්කේල් එකට තමයි වැඩි වෙන්නේ.

    ලෝකේ මතයක් තියෙනවා 5 දෙනෙකුගේ පවුලකට සාමාන්‍යයෙන් ලීටර් 500ක් දවසකට ඉවුම් පිහුම් සහ සනීපාරක්ෂක වැඩ වලට ප්‍රමාණවත් කියලා.

    වෝටර් බෝර්ඩ් එකෙන් දෙන්නේ ශත 2යි. හැබැයි වෙළෙඳපොලේ වතුර ලීටරේ බෝතලයක් රුපියල් 120 කට 130කට විකිණෙනවා.

    මේ වෙනකොට ජල සම්බන්ධතා 62%කට වර්ධනය කරලා තියෙනවා. තවදුරටත් වතුර මණ්ඩලේ දුවන්න බැහැ. ඉතාමත් සාධාරණ ගාණක් තමයි වැඩි කළේ.”

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.