fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අරගලකරුවන්ගේ අතහැරීම

    අරගලකරුවන්ගේ අතහැරීම

    ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාගයෙන් ඉවත්වීමට ගෝල් ෆේස් අරගලකරුවන් අද තීරණය කළේය.

    මෙම පියවර ගන්නේ සාමය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස යැයි අරගලකරුවන් අතර සිටින ක්‍රියාකාරී සාමාජිකයෙක් වන ජීවන්ත පීරිස් පියතුමා පැවසුවේය.

    ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නොදෙන්නේ නම් ධූරය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීම පිළිබඳව සලකා බලන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද උදෑසන කළ ප්‍රකාශය සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බව අරගලකරුවන් සඳහන් කළේය.

    මේ වන විට ඔවුන් එම ස්ථාන බලධාරීන්ට භාරදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.