fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමරවීරත් ඇමතිකම අතහරී

    අමරවීරත් ඇමතිකම අතහරී

    කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    අද(10) ඉන්දියාවෙන් යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එම නෞකාව බාර ගැනීම අමරවීර මහතාගේ අවසන් නිල රාජකාරිය වනු ඇත.

    ඊයේ ඇති වූ සිදුවීම්වලින් පසු ඉල්ලා අස්වීමට තීරණය කළ සිව්වැනි ඇමතිවරයා මහින්ද අමරවීර මහතායි. බන්දුල ගුණවර්ධන, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර යන ඇමතිවරුන් ඊයේ රාත්‍රියේදීම සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වූහ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.