fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහල් - වී සත්ව ආහාරවලට ගැනීම තහනම්

    සහල් – වී සත්ව ආහාරවලට ගැනීම තහනම්

    සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා විකිණීම හෝ භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ මෙම නියෝගය අද (24) සිට ක්‍රියාත්මක වේ.

    ඒ අනුව කිසිදු ආනයනකරුවෙකුට, නිෂ්පාදකයෙකුට, වෙළෙන්දෙකුට හෝ බෙදාහරින්නෙකුට සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා හෝ වෙනත් අමුද්‍රව්‍යයක් ලෙස සෘජුවම සහල් හෝ වී ආනයනය කිරීමට, විකිණීමට, හෙළිදරව් කිරීමට හෝ විකිණීමට, ගබඩා කිරීමට, ප්‍රවාහනයට, බෙදා හැරීමට හෝ මිලදී ගැනීම තහනම් ය.

    2285-18_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.