fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හාල් හංගන් වැඩිමිලට දෙන මුදලාලිලා ගැන මේ අංකෙට කියන්න

    හාල් හංගන් වැඩිමිලට දෙන මුදලාලිලා ගැන මේ අංකෙට කියන්න

    සහල් සඟවාගෙන වැඩිමිලට අලෙවි කරන ස්ථාන පිලිබඳ තොරතුරු ලබාදීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.

    ඒ අනුව 1977 කෙටි අංකයෙන් කාර්යාල වේලාව තුළදී එම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

    එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බස්නාහිර සහ ඌව පළාතේ පළාත් සහකාර අධ්‍යක්ෂකවරුන්ට 077 1088 895 දුරකථන අංකයෙන් තොරතුරු ලබාදිය හැකියි. 

    උතුරු සහ වයඹ පළාත්වල පැමිණිලි 077 1088 914 අංකයෙනුත්, දකුණ සහ සබරගමුව පලාත්වල පැමිණිලි 077 1088 903 අංකයෙනුත් ලබාදිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

    ඊට අමතරව උතුරු මැද පළාතේ පැමිණිලි 077 1088 902 අංකයට සහ මධ්‍යම සහ නැගෙනහිර පලාත්වල පැමිණිලි 077 1088 904 අංකයට ලබාදෙන ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.