තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් බද්දක් මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

    තවත් බද්දක් මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

    විදුලි සංදේශ බද්ද අද (3) මධ්‍යම රාත්‍රි සිට ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

    ඒ අනුව සියයට 11.25 ක්ව පැවති විදුලි සංදේශ බද්ද සියයට 15 ක් දක්වා ඉහළ නැංවෙන බවද එම කොමිසම පවසනවා.

    එමෙන්ම අමතර සියයට 8 ක්ව පැවති එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 12 දක්වා ඉහළ නැංවෙන අතර ඒ හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තුව සියයට 08 ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.

    මේ හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු ද අද මධ්‍යම රාත්‍රි සිට ඉහළ යන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ.

    අන්තර්ජාල ගාස්තු සඳහා මෙම බදු බලනොපාන අතර වැට්බදු වැඩිවීම අනුව එම ගාස්තු සියයට 4න් ඉහළ යන බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img