fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කිරිඇල්ල ආපදා සහන නිලධාරියා සැඩ පහරකට හසුව මියයයි

    කිරිඇල්ල ආපදා සහන නිලධාරියා සැඩ පහරකට හසුව මියයයි

    කිරිඇල්ල ආපදා සහන නිලධාරී ලෙස කටයුතු කළ පුන්සිරි කරුණාරත්න මහතා රාජකාරී කටයුතුවල නිරතව සිටියදී අද(01) සැඩ පහරකට අසුව මියගොස් ඇත.

    රත්නපුර ප්‍රදේශයේ ගංවතුර ආපදා තත්වය නිරීක්ෂනය කිරීමට ගොස් සිටියදී සැඩ පහරකට හසුව ගසාගෙනයාමෙන් ඔහු මරණයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ආපදා සහනසේවා කටයුතුවල නිරතව සිට යළි නිවස බලා යමින් සිටියදී ඔහු මෙම අනතුරුට ලක්වී තිබේ. ජයවර්ධනපුර විශ්ව විදයාලයේ විද්‍යාර්ථයකු වූ පුන්සිරි කරුණාරත්න මහතා මියයන විට 41වැනි වියේ පසුවිය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.