fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හබරාදූවේ විපක්ෂ නායකට පහරදුන් මන්ත්‍රීව සහෝදරයා එක්කම අල්ලයි

    හබරාදූවේ විපක්ෂ නායකට පහරදුන් මන්ත්‍රීව සහෝදරයා එක්කම අල්ලයි

    හබරාදූව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක (එජාප) ලයනල් ඉප්පලවත්ත මහතාගේ ජිප් රථයට පහරදී හානි කිරීමක් සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේම මන්ත්‍රීවරයෙක් සහ ඔහුගේ සහෝදරයෙක් අද හබරාදූව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 09 වෙනිදාය.

    පොලීසිය සඳහන් කරනු ලැබුවේ පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ද එජාපය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ මේ වනවිට සජබය නියෝජනය කරන අයෙක් බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.