fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර බෙදාහැරීම හෙට සිට

    සාපෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර බෙදාහැරීම හෙට සිට

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතු හෙට (13) දිනයේදී ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

    ඒ අනුව ලබන සඳුදා වනවිට එම ප්‍රවේශපත් බෙදා අවසන් කිරීමට හැකිවනු ඇතැයිද ඔහු කීය.

    මේවනවිට අදාළ විභාග ප්‍රවේශපත්‍ර තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබෙමින් තිබෙන බවත්, සිය දෙපාර්තමේන්තුව විසින් ඒවා වෙන්කිරීම් කටයුතු ආරම්භ කර ඇති බවත් තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.