fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැති රනිල් දිවුරුම් දෙයි

    අගමැති රනිල් දිවුරුම් දෙයි

    ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

    වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුනි.

    රට අර්බුදකාරී වාතාවරණයක පවතින මොහොතක මෙලෙස අගමැති ධුරයට පත්වන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්ව පසුව එක්සත් ජාතික පක්ෂයට හිමි වූ තනි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ය.

    ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ තනි ආසනයක් ලබාසිටියදී රටේ අගමැති ධුරයට මන්ත්‍රීවරයෙක් පත්වූ පළමු අවස්ථාව‍ මෙයයි.

    අද ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට පෙර ඔහු මීට පෙර පස් වතාවක් එම ධුරයේ කටයුතු කර තිබේ.

    ඔහු 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 සිට 2015 දක්වා (දින 100), 2015 සිට 2018 දක්වා සහ 2018 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතා 1994 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන අතර 1994 සිට 2001 දක්වා සහ 2004 සිට 2015 දක්වා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කර ඇත.

    මහින්ද රාජපක්ෂ මහතා සඳුදා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා ඒ වෙනුවට වික්‍රමසිංහ මන්ත්‍රීවරයා පත් කර ඇත.

    රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට 73 වැනි වියෙහි පසුවෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.