තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට පුරා ආහාර අලෙවිසැල් පරීක්ෂාවට

    රට පුරා ආහාර අලෙවිසැල් පරීක්ෂාවට

    උත්සව සමයේ දී දිවයින පුරා පිහිටි ආහාර ද්‍රව්‍ය අලෙවිසැල විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

    ඒ සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ වැටලීම් කණ්ඩායම් පත්කර ඇති බව ඒ මහතා පැවසීය.

    ඉකුත් දින කිහිපයේදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැටලීම් කල බවද ඔහු සදහන් කළේය.

    මෙහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම සහ ඉතාමත්ම අපිරිසිදු තත්වයෙන් වෙලදසැල් පවත්වාගෙන ගිය වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නඩු පැවරීමත්
    තවත් වෙළෙඳසැල්වල තිබූ පරිභෝජනයට නොසුදුසු ආහාර රැසක් විනාශ කිරීමට ද පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img