fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කට්ටි පනිමින් සිටි දකුණු ආසියාවේ විශාලතම බදු වංචාවේ සැකකරුවෙකු අල්ලයි - විසි...

    කට්ටි පනිමින් සිටි දකුණු ආසියාවේ විශාලතම බදු වංචාවේ සැකකරුවෙකු අල්ලයි – විසි වසරක දඩුවම අද සිට ක්‍රියාත්මකයි

    දකුණු ආසියාවේ විශාලතම බදුවංචාව ලෙස සැළකෙන රුපියල් කෝටි 357 ක් වූ වැට්බදු වංචාවේ වරදකරුවී වසර 08 කට අධික කාලයක් අධිකරණය මඟහැර සිටි විත්තිකරුවෙකුට පනවා තිබුණු වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඩුවම ක්‍රියාත්මක කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද නියෝග කළේය.

    මෙසේ සිරදඩුවම ක්‍රියාත්මක වූයේ වැට්බදු වංචා නඩුවේ 12 වැනි විත්තිකරු වූ මොහොමඩ් කාතිල් නැමැත්තාය.

    එම පුද්ගලයා මුල සිටම අධිකරණය මඟහැර සිට ඇති අතර නඩුවේ තීන්දුව 2014 වසරේ සැත්තැම්බර් 14 වෙනිදා නිකුත් කරන විට ඔහු සිටින්නේ සැඟවීය. එබැවින් අධිකරණය විසින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක්ද නිකුත් කරනු ලැබීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් දිගින් දිගටම සොයා බැලීමක් කර ඉකුත් 22 දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. අද ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2014 වසරේ ඔහුට එරෙහිව නිකුත් කළ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළේය.

    මෙම නඩුවිභාගයේදී විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණු අතර අධිකරණය හමුවේ මුල සිටම පෙනී සිටියේ 06 දෙනෙක් පමණි. මෙම වංචාව සිදුව තිබුනේ 2002 ත් 2004 ත් කාලය තුළදීය. 2014 වසරේ අගෝස්තු 26 වෙනිදා විත්තිකරුවන් සියළු දෙනාටම අධිකරණය විසින් දඩුවම් ලබාදුන්නේය. මෙහි ප්‍රධානියෙක් වන මොහොමඩ් කුදිබ්දීන් ඇතුළු පිරිසක් රටින් පළාගොස් සිටි අතර ඒ අයගෙන් දෙදෙනෙක් 2015 වසරේදී මලයාසියාවේ රැදී සිටියදී එරට පොලීසියේ සහය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවේය. ඒ අතර සිටි තුන්වැනි විත්තිකරුවූ රෂිඩ් මොහොමඩ් නැමැත්තාට වසර 280 ක් සිරදඩුවමක්ද, 07 වැනි විත්තිකරුවූ මොහොමඩ් හස්ඩීන් නැමැත්තාට වසර 180 ක සිරදඩුවමක්ද නියම වී තිබුණි. 2015 පෙබරවාරි පෙබරවාරි 10 වෙනිදා ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එදින සිට දඩුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කරනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.