fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ප්‍රජා පොලිස් වැඩවලට ගමේ තරුණ තරුණියන් බදවා ගනී

    ප්‍රජා පොලිස් වැඩවලට ගමේ තරුණ තරුණියන් බදවා ගනී

    ප්‍රජා පොලිස් රාජකාරි කටයුතුවලට ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීම සඳහා දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම "ප්‍රජා සහායක (ස්වේච්ඡා)" ලෙස තරුණ තරුණියන්ගේ සේවාව ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

    මේ සඳහා අවස්ථාව හිමිවන්නේ අදාල ග්‍රාමසේවා වසමේ ස්ථිර පදිංචි වයස අවුැරුදු 18 ට වැඩි පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස කටයුතුකර ඇති හෝ යෞවන සමාජ සාමාජිකත්වය දරණ හෝ වෙනත් සුවෙච්ඡා කණ්ඩායම්වල ක්‍රියාකාරී තරුණ තරුණියටන්ටය.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    ජපානය සහ සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා පොලිස් සේවාව මඟින් ප්‍රජා මට්ටමින් සිදු වන සුළු අපරාධ අවම කර ගැනීමේ හැකියාව හඳුනාගනු ලැබ ඇත.

    එවැනි වැඩසටහන්වල සාර්ථකත්වය මත පදනම්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව 2021 මැයි මාසයේ සිට ප්‍රජා පොලිස් සේවා වැඩසටහන යටතේ පූර්ණකාලීනව පොලිස් නිලධාරින් දෙදෙනෙකු සෑම ග්‍රාම නිලධාරි වසමකටම අනුයුක්ත කිරීමට පියවර ගනු ලැබ ඇත.

    එකී පොලිස් නිලධාරින්ගේ රාජකාරි කටයුතුවලට ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම පිණිස අදාළ ග්‍රාම නිලධාරි වසමේ පදිංචි තරුණ තරුණියන් දෙදෙනෙකු "ප්‍රජා සහායක (ස්වේච්ඡා)" වශයෙන් සේවයේ යෙදවීමට සැලසුම් කර තිබේ.

    අදාළ ග්‍රාම නිලධාරි වසමේ ස්ථිර පදිංචි, වයස අවුරුදු 18ට වැඩි, පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන් වශයෙන් කටයුතු කර ඇති, යෞවන සමාජ සාමාජිකත්වය දරන සහ වෙනත් ස්වේච්ඡා කණ්ඩායම්වල ක්‍රියාකාරි තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැක.

    ඔවුන් විසින් ගෞරවනීය සේවාවක් සපයනු ලබන අතර, කිසිඳු දීමනාවක් හෝ වෙනත් අයිතිවාසිකමක් ඔවුන්ට හිමි නොවනු ඇත. ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔවුන් සඳහා ස්වේච්ඡා හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන අතර මාස 06ක සේවා කාලය ඉක්ම වූ පසු "ප්‍රජා නායකත්වය" පිළිබඳ සේවා සහතිකයක් ලබා දෙනු ලැබේ.

    යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ වැඩපිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.