අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණී සංගීත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) මෙරටට රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනය කරයි.
ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටි නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හේතුවෙන් ඉතාලියේ මිලානෝ නුවරදී ඉකුත් 17 වැනිදා අභාවප්‍රාප්ත විය
විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවය.