තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලි වැඩ නිසා පින්නවල ආදායමට වෙච්ච දේ

    අලි වැඩ නිසා පින්නවල ආදායමට වෙච්ච දේ

    ඉකුත් මාසයේදී පින්නවල අලි අනාථාගාරයේ රුපියල් මිලියන 13ක අදායමක් උපයා ඇති බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි.

    අධ්‍යක්ෂකවරිය මේ බව ප්‍රකාශ කලේ පසුගිය අගෝස්තු 31 දා පින්නවල අලි සංරක්ෂණාගාරයේ පලමු වතාවට උපත ලද නිවුන් අලි පැටවුන් දෙදෙනා මා ඔයේ දිය නෑම සඳහා ඔයට ගෙනයන අවස්ථාවෙදී අදහස් දක්වමිනි.

    සුරංගි නැමති කෙනර හා පණ්ඩුල නැමති අලියාට දාව මෙම නිවුන් පැටවුන් උපත ලබා තිබේ.

    එමෙන්ම මෙම නිවුන් පැටවුන් නැරඹීම සඳහා මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පවතින බවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කරමින් දෙස් විදෙස් සංචාරකයන්ට පින්නවල නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් ඇය සඳහන් කළාය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img