fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරකයින් වහා නිදහස් කරන්න - කොමියුනිස්ට් පක්ෂය

    අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරකයින් වහා නිදහස් කරන්න – කොමියුනිස්ට් පක්ෂය

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටින සමාජ ක්‍රියාකාරිකයින් වහාම නිදහස් කරන්නැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය රජයෙන් ඉල්ලීමක් කරයි.

    පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පාලන ලේකම් සමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප ඇතුළු පිරිසක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මගින් හමුදා පාලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට යන බව පවසමින් විරෝධතාව පළ කිරීම හේතුවෙන් ඔවුන් මේ වන විට අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා පැවසීය.

    එම පොදු සටනට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද එක්වූ අතර එම අත්අඩංගුවට ගැනීම දේශපාලන හේතූන් මත සිදුවූවක් බව ද හැඟී යන්නේ ඇයි ද ද ලේකම්වරයා කීය.

    පවතින වසංගත තත්වය තුළ එම සමාජ ක්‍රියාකාරිකයින්ගේ ජීවිතවල ඇති අවදානම් කරුණු පිළිබඳව දැනටමත් අවධානය යොමු වී යොමුවී ඇති අතර ඉන් කීප දෙනෙකුටම බන්ධනාගාරය තුළදී covid වසංගතයට ගොදුරු වී ඇති බවට දැනගන්නට ඇතැයි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කීය.

    එම නිසා අයුතු ලෙස අත්අඩංගුවට පත්ව සිටින එම සමාජ ක්‍රියාකාරිකයින් වහාම නිදහස් කරන්න බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද බවද ඔහු පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.