fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අද තීන්දුවන මහ ඡන්දෙ දාට - ගෙදරින් අරන් යායුතු පෑන් පාට

    අද තීන්දුවන මහ ඡන්දෙ දාට – ගෙදරින් අරන් යායුතු පෑන් පාට

    මහ මැතිවරණ දිනය තීන්දු කිරීමේ බලාපොරොත්තුවෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (08) දිනයේ රැස්වීමට නියමිතය.

    අපේක්ෂක මනාප අංක නිකුත් කිරීම, තැපැල් ඡන්ද දින වකවානු සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

    එක් එක් දිස්ත්‍රික්කයට අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ද රජයේ මුද්‍රණාලය විසින් ආරම්භ කර තිබේ.
    මෙම මැතිවරණයට ඇස්තමේන්තු කර තිබූ මුදලට වඩා කෝටි 200ක් වැයවෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඒ අනුව රුපියල් කෝටි 700ක් වැයවෙනු ඇති තැබු අනුමානය කෝටි 900ක් දක්වා ඉහළ යනු ඇතැයි හෙතම පවසයි.

    කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කරමින් සෞඛ්‍ය නිර්දේශ අනුව ඡන්ද විමසන ආකාරය පිළිබඳ ආදර්ශ පෙරහුරුවක් ඊයේ අම්බලන්ගොඩදී පැවැත්විණි.

    ඉදිරි මහමැතිවරණය පවත්වනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් අනුගමනය කරමිනි.

    ඒ අනුව ඉදිරි මහමැතිවරණයේ ඡන්ද විමසීමේදී ඡන්ද සලකුණු කිරීමට නිල් හෝ කළු පෑනක් අනිවාර්යයෙන්ම රැගෙන එන ලෙස යැයි කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිහිපත් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.