fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රටවල් 79 අතුරින් ලංකාවට ජාත්‍යන්තර රසායන විද්‍යා Olympiad පදක්කම් තුනක්

    රටවල් 79 අතුරින් ලංකාවට ජාත්‍යන්තර රසායන විද්‍යා Olympiad පදක්කම් තුනක්

    53 වැනි වරටත් පැවැත්වෙන ජාත්‍යන්තර ඔලිම්පියාඩ් 2021 තරගාවලියේ දී ලෝකඩ පදක්කම් ‍3ක් සහ කුසලතා සම්මානයක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සිසුන් කණ්ඩායම සමත් වී තිබේ.

    මෙම තරගාවලිියට රටවල් 79ක සහභාගි වූ අතර මෙවර කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එය පවත්වන ලද්දේ මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයටයි.

    මෙම තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ අචිර හන්සිඳු,නුවර ධර්මරාජ විද්‍යාලයේ නදුන් රාජපක්ෂ,කොලඹ රාජකීය විද්‍යාලයේ මනුජය ප්‍රවීන් ලෝකඩ පදක්කම් දිනාගත් අතර ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ දිනිති ශාලිකා කුසලතා සම්මානයක් දිනාගැනීමට සමත් වූවාය.

    වසංගත තත්ත්වය හේතුවෙන් 2021 ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ මූලික වටය පැවැත්වීමට නොහැකි වීම නිසා 2020 අපොස උසස් පෙළ විභාගය ප්‍රතිඵලවලින් ඒ සාමාර්ථ තුනක් ලැබූ සිසුන්ගෙන් අවසන් තරඟකරුවන් 26 දෙනෙකු තෝරා ගන්නා ලදී.

    රසායන විද්‍යාව ඔලිම්පියාඩ් ශ්‍රී ලංකා (COSL) කමිටු සාමාජිකයින් විසින් ඔවුන් වෙත ඔන්ලයින් පුහුණු වැඩමුළු කිහිපයක් පැවැත්වීය.

    එහි අවසන් විභාගය පසුගිය මැයි 30 වැනිදා පැවැත්වුණු අතර පසුගිය ජුලි 28 පැවති ජාත්‍යන්තර තරගය සඳහා තරගකරුවන් තෝරාගනන්නා ලද්දේ එම විභාගයේ ප්‍රතිඵල අනුව ය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන උපදේශකයන් දෙපළ ලෙස කටයුතු කරණු ලැබුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය චින්තක නදුන් රත්නවීර මහතා සහ කොලඹ විශ්වවිද්‍යලයේ ආචාර්ය ඉරේෂිකා ද සිල්වා මහත්මියයි.මීට අමතරව කණ්ඩායම පුහුණු කිරීම සදහා රුහුණු , ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, කොලඹ, පේරාදෙණිය විශ්වවිද්‍යාල වල මෙන්ම ශ්‍රී ලංකාවේ රසායන විද්‍යා ආයතනයේ ආචාර්ය මහාචාර්යවරුන් කැප වුනි.

    ජාත්‍යන්තර රසායන විද්‍යා ඔලිම්පියාඩ් (IChO) යනු උසස් අධ්‍යාපනය හදාරන පාසල් සිසුන් සඳහා වන වාර්ෂික අධ්‍යයන තරඟාවලියකි. එය ජාත්‍යන්තර විද්‍යා ඔලිම්පියාඩ් තරගවලින් එකකි. ප්‍රථම IChO තරගය 1968 දී චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් හිදී පැවැත්විණි. 1971 හැරුණු විට එතැන් සිට සෑම වසරකම මෙම තරගාවලිය පැවැත්විණි.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.