fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ව්‍යාපාරිකසම්පත ලග්න වාසනා ජයග්‍රාහකයන්ට ලබාදෙන මෝටර් රථ අයිඩියල් මෝටර්ස් වෙතින් ජාතික...

    සම්පත ලග්න වාසනා ජයග්‍රාහකයන්ට ලබාදෙන මෝටර් රථ අයිඩියල් මෝටර්ස් වෙතින් ජාතික ලොතරැයි මණ්ඩලයට

    ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කරනු ලබන සම්පත ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ත්‍යාගයට අමතරව ලබාදෙන මෝටර් රථ, ජයග්‍රාහකයන් වෙත ලබාදීම සඳහා අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් එම රථ ජාතික ලොතරැයි මණ්ඩලය වෙත පසුගියදා බාරදෙනු ලැබීය.

    ඒ අනුව සම්පත ලග්න වාසනා ලොතරැයියේ මුල් අදියරේ ජයග්‍රාහකයන් වෙත ලබාදීමට නියමිත රුපියල් ලක්‍ෂ 35ක් පමණ වටිනා Mahindra KUV100 NXT මෝටර් රථ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී එහි සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල මහතා විසින් නිල වශයෙන් බාරදෙන ලදී.

    ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ පූර්ණ දායකත්වයෙන් අයිඩියල් ව්‍යාපාර සමූහය එක්ව ආරම්භ කරන ලද මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම 2019 වර්ෂයේදී කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් Mahindra KUV100 NXT මෝටර් රථය දේශීය කොටස්ද එකතු කරමින් මෙරට මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කරන ලදී.

    මේ වන විට Mahindra KUV100 NXT මෝටර් රථය මෙරට පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින අතර ඉදිරියේදී මෙම කර්මාන්තශාලව මගින් දේශීය කොටස් එකතු කරමින් මහින්ද්‍රා ට්‍රක් රථද මෙරටදී එකලස් කිරීමටද කටයුතු යොදා ඇත.

    ජාතික වකුගඩු අරමුදල මූලික කර ගිනිමින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ආරම්භ කර ඇති සම්පත ලග්න වාසනා ලොතරැයිය මාසිකව දිනුම් අදිනු ලබයි. රුපියල් කෝටියක සුපිරි ත්‍යාගයක්, සුපිරි මෝටර් රථයක්, රුපියල් විසිලක්‍ෂයේ තෑගි, රුපියල් පන් ලක්‍ෂයේ තෑගි හා රුපියල් ලක්‍ෂයේ තෑගි මෙම ලොතරැයිපත මගින් ජයග්‍රාහකයන් වෙත පිරිනමනු ලබයි.

    අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල මහතා විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත Mahindra KUV100 NXT මෝටර් රථ බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ (ඡායාරූපයේ වමේ සිට) අයිඩියල් මෝටර්ස් ප්‍රවර්ධන කළමනාරු විනොජ් දහනායක, අයිඩියල් මෝටර්ස් අලෙවි විධායක (ආයතිනක) රිස්බි ඩීම්, අයිඩියල් මෝටර්ස් Mahindra KUV100 NXT මෝටර් රථ විකුණුම් ප්‍රධානී (පාරිභෝගික වාහන) කුෂාන්ත ගුණවර්ධන, ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ශිරෝමි ජීවමාලා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි සංජීව එදිරිසිංහ යන මහත්මීන්ද ඡායාරූපයේ වෙති.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.