fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුලතිව් නිවසකට පහරදීම ප්‍රංශ මෙහෙයුමක්

    මුලතිව් නිවසකට පහරදීම ප්‍රංශ මෙහෙයුමක්

    මුලතිව් හී පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඉකුත් 27 වෙනිදා කඩා වැදී ව්‍යාපාරිකයාව කපා කොටා තුවාල කර නිවසේ දේපොලවලට හානිකරමින් වාහන දෙකක් ද ගිනි තබා පළාගිය සන්නද්ධ කල්ලිය හදුනාගත් යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අද (07) එම කල්ලියේ සාමාජිකයින් 06 දෙනෙක් යතුරු පැදි 03 ක්ද සමග අත්අඩංගුවට ගත්තේය.

    එම සැකකරුවන් 06 දෙනාම යාපනයේ පදිංචිකරුවන් බවත් ඒ අය අතර ආවා කල්ලියේ සාමාජිකයින් තිදෙනෙක්ද සිටින බව පොලීසිය හදුනාගෙන තිබේ. ආවා කල්ලියේ එම සාමාජිකයින් මෙයට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින අය බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    උතුරේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී හොර රහසේ ප්‍රංශයට පළාගිය ආවා කල්ලියේ නායකයෙක් වන ප්‍රසාද් ජෝයි නැමැත්තා විසින් ප්‍රංශයේ සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මුලතිව් ව්‍යාපාරිකයාගේ නිවසට පහරදී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. එම ප්‍රහාරයට මුලතිව් හී පදිංචි දෙදෙනෙක්ද යතුරු පැදියකින් පැමිිණ ඇති අතර අත්අඩංගුවට ගැනීමට ඉතිරිව ඇත්තේ ඔවුන් දෙදෙනා පමණක් බවද පොලීසිය කියයි.

    මුලතිව් හී ව්‍යාපාරිකයා රට යුරෝපයට පුද්ගලයින් යවන බව සදහන් කරමින් මුදල් ලබාගෙන වංචා කර ඇති බැවින් ඔහුට දඩුවමක් ලෙස එම පහරදීම සිදුකරන්න යැයි ප්‍රසාද් ජෝයි තමන්ට දැනුම් දුන් බව අත්අඩංගුවේ සිටින එක් සැකකරුවෙක් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර ඇත. එම සැකකරු ඇපමත සිටින ආවා කල්ලි සාමාජිකයෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන්ව අද රාත්‍රියේ මුලතිව් පොලිස් ස්ථානයට භාරදීමට පියවර ගෙන තිබුණි. පහරදීමට පැමිණෙන විට ඔවුන් රැගෙන පැමිණි කඩුවක් සහ යකඩ පොල්ලක්ද පොලීසිය සොයාගෙන ඇත. ඒවාද මුලතිව් පොලිස් ස්ථානයට භාරදී ඇත.


    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.