fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්40 වසරකට පසු අඩුවෙන්ම අපරාධ වාර්තා වී ඇත්තේ 2020 දී

    40 වසරකට පසු අඩුවෙන්ම අපරාධ වාර්තා වී ඇත්තේ 2020 දී

    මෙරට ඉතිහාසයේ වසර 40 කට පසු බරපතල ගණයේ අපරාධ අඩුවෙන්ම වාර්තා වී ඇත්තේ 2020 වර්ෂයේ බව අපරාධ සංඛ්‍යා ලේඛන විශ්ලේෂණයෙන් පෙනී යයි.

    පොලිස් මූලස්ථාන අපරාධ සංඛ්‍යා දත්තයන්ට අනුව 2020 වර්ෂයේ පොලීසියට වාර්තා වී ඇති සමස්ත බරපතල ගණයේ අපරාධ ගණන 31098 කි.

    ඒ අතර වැඩියෙන්ම සිදුව ඇති අපරාධය වන්නේ නිවෙස් බිදුම්ය. ඒම ගණන 6499 කි. මංකොල්ලකෑම්ද 2148 ක් සහ ගිනි අවි භාවිතා කිරීම් 1962 ක්ද ඒම සංඛ්‍යා දත්තවල ඇතුලත්ය. ඊට අමතරව ස්ත්‍රී දූෂණ 1953 ක්ද, පැහැරගැනීම් 166 ක්ද, ගිනි තැබීම් 338 ක්ද, බරපතල තුවාල සිදුකිරීම් 892 ක්ද, මිනිස් ඝාතන 464 ක්ද, ඝාතන තැත්කිරීම් 103 ක්ද ආදී වශයෙන් ඒම අපරාධ සිදුව ඇත.

    පොලිස් සංඛ්‍යා දත්තයන්ට අනුව 2019 වසරේ බරපතල අපරාධ සිදුව ඇත්තේ 34578 කි. ඒම වසරේ 2020 සාපේක්ෂව සෑම අපරාධයක්ම පාහේ ඉහළ අගයක් ගත්තද ස්ත්‍රී දූෂණ ඇත්තේ අඩුවෙනි. ඒම ගණන 1779 කි.

    සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ ස්ත්‍රී දූෂණ වර්ෂයෙන් වර්ෂය ඉහළ අගයක් ගන්නා බවකි. වයස අවුරුදු 16 අඩු දදැරිවියන් සිය කැමැත්තෙන් පිරිමියෙක් සමග ඒක්වූවත් එය සැළකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසිණි. 2020 සිදුවූ ස්ත්‍රී දූෂණ 1953 න් 1292 ක්ම ඇත්තේ 16 අඩු දරුවන් සිය කැමැත්තෙන් පිරිමින් සමග එක්වූවන්ය. 20්19 වසරේ ඒම ගණන 1185 කි.

    පොලිස් මූලස්ථාන සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ 1975 වසරේදීත් බරපතල අපරාධ 62548 ක් සිදුව ඇති බවකි. 1976 වසරේදී එම ගණන 30188 කි. 1977 වසරේදී අපරාධ 45296 ක් ද 1978 වසරේදී අපරාධ 32959 ක්ද, 1979 වසරේදී අපරාධ 27556 ක්ද වශයෙන් අපරාධ සිදුව ඇත.

    පොලිස් සංඛ්‍යා දත්තයන්ට අනුව 1980 වසරේ අපරාධ 52157 දක්වා ඉහළ යන අතර එතැන් සිට බරපතල අපරාධ ලේඛණය ඉහළ යමින් තිබෙන්නේ 2006 වසරේදී 61196 දක්වා ඉහළ යමිනි. ඉහළ ගිය අපරාධ ක්‍රමිකව අඩුවීමක් පෙන්නුම් කරන්නේ එතැන් සිටය. අපරාධවල සුළු අඩු වැඩිවීමක් මේ ගෙවී ගිය කාලය තුළ සිදුව ඇතත් වසර 40 කට පසු මෙතරම් අපරාධ පහළ ගිය වෙනත් වර්ෂයක් නැත.

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.