fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්බූරු පොළක් කොල්ලකෑ පොලිස් කණ්ඩායමක්

    බූරු පොළක් කොල්ලකෑ පොලිස් කණ්ඩායමක්

    කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රට වසා තිබියදී වරකපොළ ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණයේ බූරු පොළකට කඩා වැදී මුදල් කොල්ලකෑ පොලිස් කණ්ඩායමක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

    පොලීසියට අයත් රථයකින් එම බූරු පොළට කඩාවැදී ඇති පොලිස් කණ්ඩායම එම ස්ථානයේ බූරු ගසමින් සිටි පිරිස සමග ලක්ෂ ගණනක මුදල්ද සිය භාරයට ගෙන ඇත.

    අනතුරුව පොලීසියට රැගෙන යන බව පවසමින් අල්ලාගත් පිරිස පොලිස් රථයට නන්වාගෙන ඇති බවත් අතර මගින් එකිනෙකා බස්සවා මුදල්ද රැගෙන පොලිස් කණ්ඩායම පළාගොස් ඇති බවත් සදහන්ය.

    මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලද තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ වී තිබේ. එම විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයක නිලධාරීන් පිරිසක් විසින් මෙම මුදල් කොල්ලය සිදුකර ඇති බවය. මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එම නිලධාරීන් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශයක සේවයේ නිරතව සිටින අය බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.