fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPචන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අත්අඩංගුවට

    චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අත්අඩංගුවට

    නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිය සුපිරි උපන්දින සාදය මෙවර කොළඹ ෂැග්‍රිලා හෝටලයේ කාමරයක් තුළ පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ එම අවස්ථාවට සහභාගි වූ බව කියන රංගන ශිලල්පිනියක් වන පියුමි හංසමාලි යන දෙදෙනාව කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අද (31) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම හෝටලයේ 10 වැනි තට්ටුවේ පිහිටි අධි සුඛෝපභෝගී කාමරයක් මේ සදහා වෙන්කර ඇත්තේ පෙරේදා (29) ය.

    නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් පොලීසියටත් සෞඛ්‍ය අංශවලටත් අභියෝගකරමින් ඊයේ (30) රාත්‍රියේ පැවැති එම සාදය ගැන සමාජ මාධ්‍ය ජාල මගින් දැඩිව විවේචන එල්ලකරනු ලැබීය.

    එම සාදයට 20 කට 30 කට වැඩි පිරිසක් සහභාගිවී සිට ඇති අතර කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුකට අනුව අද අළුයම වැටලීම කර ඇති බව සදහන්ය. පොලීසිය එහි යනවිට සාදය අවසන්ව කාමරයේ සිට ඇත්තේ චන්දිමාල් සහ පියුමි හංසමාලි පමණක් බව ඇය ඒ වන විට මත්පැන් පානය කර සිටි බව පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

    සාදයට සහභාගගිවූ පිරිසෙන් 12 දෙනෙක් හදුනාගෙන ඇති බවත් සෙසු අය හදුනා ගැනීමට ආරක්ෂක කැමරා දර්ශන උපයෝගී කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    නිරෝධායන නීති රටතුළ ක්‍රියාත්මකව පැවතින මොහොතක සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා හෝටල්වලට නිකුත්කර තිබියදී මෙවන් සාදයක් පැවැත්නවීමට ඉඩදීමෙන් අදාල හෝටලයේ පරිපාලකයන් කර ඇත්තේද වරදක් බව අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.