fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්නෞකා රකින්න ගාල්ලෙන් රැගෙන ගිය ස්නයිෆර් ඇතුළු ගිනි අවි තොගයක් මුහුදට...

    නෞකා රකින්න ගාල්ලෙන් රැගෙන ගිය ස්නයිෆර් ඇතුළු ගිනි අවි තොගයක් මුහුදට වැටී අතුරුදන්

    ඉන්දුනීසියාවේ සිට ස්පාඤ්ඤය බලා යාත්‍රා කරමින් තිබුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ගොඩවීමට ගාල්ල වරායේ සිට ගමන් කරමින් සිටි නෞකා ආරක්ෂක කණ්ඩායමක් විසින් රැගෙන ගිය ගිනි අවි තොගයක් මුහුදට වැටී අතුරුදන් වී තිබේ.

    එම ගිනි අවි අතර එස්.එල්.ආර් වර්ගයේ අවිත් ස්නයිෆර් අවිත් තිබී ඇත.

    ඒ සම්බන්ධයෙන් අදාල නෞකා ආරක්ෂක සමාගමේ මෙරට නියෝජිතායතනය විසින් ගාල්ල වරාය පොලීසියට ඊයේ (29) දහවල් පැමිණිල්ලක් කර තිබේ.

    සිංගප්පූරු සමාගමකට අයත් අදාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ගොඩවීමට රුසියානු ජාතික කපිතාන්වරයෙක් සමග නෞකා ආරක්ෂක සමාගමේ තිදෙනෙක් නාවික හමුදාවේ තිදෙනෙක්ද සමග යාත්‍රාවකින් ගමන්කර ඇත්තේ පෙරේදා (28) සවස්වරුවේදීය. ගිනි අවි ගබඩාකර තිබී ඇත්තේ දක්ෂිණ නාවික හමුදා කදවුරේය. එම ගිනි අවි ඇතුළු උපකරණ කිහිපයක් ගබඩාවෙන් රැගෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාව යාත්‍රාකරමින් තිබුණු ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත මුහුදු සැතපුම් 10 ක් ගමන් කර ඇතිබව සදහන්ය. එහිදී අදාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ දොබකරයෙන් දැලක පටලවා ගිනි අවි සහ රැගෙන ගිය උපකරණ කුඩා යාත්‍රාෙව් සිට ලබා දී ඇත. ගිනි අවි තිබී ඇත්තේ පෙට්ටිවල බහාය. එම පෙට්ටි දොඹකරයෙන් ඉහළට ඔසවන විට එකවරම දැල සිදුරුවී ගිනි අවි බහා තිබුණු පෙට්ටි මුහුදට වැටී ඇතැයි කොළඹ වරාය පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සදහන්ය.

    මේ ගැන දක්ෂිණ නාවික හමුදා කදවුරට දැනුම් දීමත් සමග යාත්‍රා දෙකක් එහි ගොස් සෝදිසියක් කර මුහුදට වැටුණු ගිනි අවි වලින් කිහිපයක් සොයාගෙන ඇත. සෙසු ගිනි අවි සොයා මෙහෙයුමක් දියත්කරන අතර තුර ඒ ගැන පැමිණිල්ලක් ඊයේ කර ඇතැයි පොලීසිය කියයි.

    එම අනතුර සිදුවීමෙන් අනතුරුව ජංංගම දුරකතනයකින් මුහුදේ පාවෙමින් ඇති ආයුධ පෙට්ටි සහ දොඹකරයෙය් දැල සිදුරුවී ඇති අයුරු වීඩියෝගතකර තිබේ. එම වීඩියෝවද පොලීසියට ඉදිරිපත් කර ඇත.

    සොමාලියානු කොල්ලකරුවන්ගෙන් වෙළද නෞකා ආරක්ෂා කර ගැනීමට නෞකා ආරක්ෂකයින් ගිනි අවි රැගෙන නෞකාවලට ගොඩවන්නේ ගාල්ලේ සිට ගමන් කරමිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.