fbpx
තවත්
    මුල් පිටුවක්‍රීඩාචමරිගේ ලකුණු 195* ද.අප්‍රිකාව පරදවයි

    චමරිගේ ලකුණු 195* ද.අප්‍රිකාව පරදවයි

    එක් දින තරගාවලිය එකට එකක් ලෙස සම කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු හයක ජයක් ලබා ගැනීමට ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.

    දකුණු අප්‍රිකාවේ පැවති මෙම තරඟයේදී නායකත්වයේ වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු නොදැවී ලකුණු 195 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව ලබා දුන් ලකුණු 301/5 ඉලක්කය පසුකර ගියේය.

    ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව කාන්තා එක්දින තරඟාවලියක ඉහළම සාර්ථක හඹායාම (305/4) මෙය වේ.

    වෘත්තීය දිවියේ හොඳම එක්දින ලකුණ සහ ලෝක කාන්තා එක්දින තරගවලදී පිතිකරුවෙක් ලබාගත් තෙවැනි ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව චමරි අතපත්තු සතුවීම මෙම තරගයේ තවත් විශේෂත්වයකි.

    නායකයන්ගේ සටනක් බවට පත්වූ මෙම තරගයේ ,චමරි අතපත්තු පරජයට පත්කළේ දකුණු අප්‍රිකානු නායිකා වොල්වාඩ්ගේ ලකුණු 184* යි.

    දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සහ පසුගිය සැප්තැම්බරයේ නායකත්වයට පත්වීමෙන් පසු ඇයගේ සිව්වැනි ශතකය මෙම තරගයේදී වාර්තා විය.

    අතපත්තු සහ නිලක්ෂිකා ද සිල්වා පස්වැනි කඩුල්ලට ලකුණු 179ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර එය පස්වැනි කඩුල්ල සඳහා හෝ ඊට පහළින් දෙවැනි කඩුල්ල සඳහා වූ දෙවැනි ඉහළම සම්බන්ධතාව වන අතර ශ්‍රී ලංකාව 21 වැනි ඕවරයේදී කඩුලු 4කට ලකුණු 126 සිට ජයග්‍රහණය දක්වා ඔසවා තැබීමට එය සමත් විය.

    ශ්‍රී ලංකාව කඩුලු 4කට 305 (44.3) (අතපත්තු 195*, ද සිල්වා 50*, කාකා 2-54)

    දකුණු අප්‍රිකාව කඩුලු 5කට 301(50) (වොල්වාඩ් 184*, දිල්හාරි 2-47)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.