fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිසා විනිසුරුට SI මස්සිනාගෙන් ප්‍රහාරයක් -විනිසුරු බිරිඳ කම්පනයෙන් මියයයි

    දිසා විනිසුරුට SI මස්සිනාගෙන් ප්‍රහාරයක් -විනිසුරු බිරිඳ කම්පනයෙන් මියයයි

    දකුණේ අධිකරණයක සේවයේ නිරත දිසා විනිසුරුවරයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකුව අක්මීමණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පහරදීමෙන් කම්පනයට පත්වූ දිසා විනිසුරුවරයාගේ බිරිඳ කම්පනයෙන් මියගොස් ඇති බව පොලීසිය කියයි.

    දිසා විනිසුරුවරයා විවහාවී සිටින්නේ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහෝදරිය බවද පොලීසිය සඳහන් කළේය.

    මෙම දිසා විනිසුරුවරයා සිය බිරිඳ සමඟ බිරිඳගේ මව පදිංචිව සිටින ගාල්ලේ පිහිටි නිවසට පසුගිය 13 වෙනිදා අලුත් අවුරුද්ද වෙනුවෙන් ගොස් ඇත. ඒ යන විට ඔවුන් සිය නිවසේ සුරතලයට ඇතිකරනු ලබන බළලෙකුද රැගෙන ගොස් තිබේ. අවුරුද්ද සමරා ඔවුන් නැවත 14 වෙනිදා රාත්‍රී කාලයේ එම නිවසින් පිටත්ව සිය නිවස වෙත ගමන් කිරිමට සූදානම් වූ අවස්ථාවේදී රැගෙන පැමිණි සුරතල් බළලාව සොයා ඇත. ඒ බළලා නිවසේ නොසිටි බැවිනි.

    එම අවස්ථාවේදී විනිසුරුවරයා සහ ඔහුගේ මස්සිනා වන උප පොලිස් පරීක්ෂකවරයා අතර ආරවුලක් ඇතිවී තිබේ. එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා දිසා විනිසුරුට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කරමින් පහරක් එල්ලකර ඇත.

    මෙම පහරදීම සම්බන්ධයෙන්දිසා විනිසුරුවරයා අක්මීමන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. එම පැමිණිල්ලට අනුව පොලිස් පරීක්ෂකවරයෙක් පැමිණ ප්‍රකාශ සටහන්කර ගන්නා අවස්ථාවේදී විනිසුරු බිරිඳ කම්පනයට පත්ව කරාපිටිය රෝහලට ප්‍රතිකාර ගැනීමට ඇතුලත් කර සිටියදී මියගොස් තිබෙන බව පොලීසිය කියයි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගත් බවත් ඔහුව අද අධිකරණයට ඉදිරිපත්කරන බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.