fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කමිඳු වීරයා වෙමින් ලංකාව බංග්ලාදේශය පරදයි

    කමිඳු වීරයා වෙමින් ලංකාව බංග්ලාදේශය පරදයි

    චිතගොං හි පැවති දෙවන ටෙස්ට් තරගය බංග්ලාදේශය පරදා ලකුණු 192කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

    ඒ අනුව 2-0 ලෙස බංග්ලාදේශය පරදා ටෙස්ට් තරගාවලිය ද ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    දෙවැනි තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා බවට පත්වූයේ කමිඳු මෙන්ඩිස් ය. ඔහු මෙම තරග දෙකේ දී ලකුණු 367ක් හා කඩුළු 3ක් ලබා ගත්තේය.

    ළහිරු කුමාර පන්දුවෙන් දස්කම් දක්වමින් ඉනිම දෙකේ දී කඩුළු 6ක් බිඳ හෙළුවේය.

    ශ්‍රී ලංකාව 531 සහ 157
    බංග්ලාදේශය 178 සහ 378

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.