fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයකොටස් එකලස් කළ මෝටර් රථය සමග හිටපු නාගරික මන්ත්‍රීවරිය අත්අඩංගුවට

    කොටස් එකලස් කළ මෝටර් රථය සමග හිටපු නාගරික මන්ත්‍රීවරිය අත්අඩංගුවට

    නීති විරෝධි ලෙස කොටස් එකලස්කර භාවිතා කළ මෝටර් රථයක් භාවිතා කළ කොළඹ මහා නගර සභාවේ හිටපු මන්ත්‍රීවරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පනස් හය හැවරදි එම නාගරික මන්ත්‍රීවරිය කොළඹ 13 පදිංචිකාරියකි.

    පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ (26) කළ වැටලීමකින් මෝටර් රථය සමග හිටපු මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    මෙම මන්ත්‍රීවරියව අද (27) අධිකරණයට ඉදිරිපත් කරන බව ද අජිත් රෝහන මහතා කීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.