fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ICCයට යැවූ ලියුම විපක්ෂනායකයා වැරදියට තේරුම් අරන්' -SLC කියයි

    ‘ICCයට යැවූ ලියුම විපක්ෂනායකයා වැරදියට තේරුම් අරන්’ -SLC කියයි

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත තම ආයතනය යවන ලද ලිපියක් සම්බන්ධයෙන් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී එල්ලකරන ලද චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

    එම ආයතනය පෙන්වා දෙන්නේ ICC වෙත යොමුව ඇති ලිපියේ අන්තර්ගතය වැරදි ලෙස වටහා ගැනීමක් සහ වැරදි අර්ථකථනයක් විපක්ෂනායකවරයා විසින් නඟා ඇති බව පැහැදිලි වන බවයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ නිකුත් කළ පැහැදිලි කිරීම මෙහි දැක්වේ.

    ඊයේ දිනයේදී (18) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඇති බව කියන ‘දේශපාලන මැදිහත්වීම්’ සම්බන්ධයෙන් ICC වෙත යවා ඇති බව කියන ලිපියක තොරතුරු හෙළි කළේය.

    විපක්ෂ නායකවරයා චෝදනා කළේ මෙම ලිපිය මගින් දැක්වූ කරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට හේතුවූ බවය.

    අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා ඇතුළු රටවල් 12ක ක්‍රිකට් පරිපාලන ආයතන වෙත යවා ඇතැයි සඳහන් ය.

    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට අගෝස්තු 28 වැනිදා යැවූ ලිපිය මගින්, රජයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වල අභියෝග කරුණු 5 ක් යටතේ සඳහන් කරමින් මෙම ලිපිය යොමු කර තිබෙන බවත් විපක්ෂ නායකවරයා කීය.

    ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වලරයා ඇගිලි ගැසීම , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ විස්තරයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර නැතුව ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ව්‍යවස්ථාවක් ගොනු කර ඊට ක්‍රිඩා ඇමැතිවරයා මැදිහත්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව එළි දැක්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අගතියක් සිදු වූ බව යන කරුණු 5 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කළ ලිපියේ සඳහන් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

    එමෙන්ම ක්‍රීඩා ඇමැතිවරයා ජාතික ක්‍රීඩා අරමුදලට 20% ක පරිත්‍යාගයක් කරන්නැයි කියා ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ආයතනයට බලපෑම් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කළ ලිපියේ අමතර කරුණක් ලෙස දක්වා ඇති බවත් විපක්ෂ නායකවරයා කීය.

    එක් කල්ලියකට මුදල් ඉපැයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුට්ටු දෙකට ජාත්‍යන්තරයට විකුණා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගෙන ආ බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ චෝදනා කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.