fbpx
තවත්

    සතොස වසා දැමේ

    සමුපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ආයතනයේ සියලුම සේවකයින් අනිවාර්ය නිවාඩු යවා එම ආයතනය වසා දැමීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව සතොස ආයතනයේ දැනට සේවය කරන සේවකයන් 328 දෙනාම මේ මස තිස් වැනි දින සිට අනිවාර්ය නිවාඩු යවන ඔවුන්ට සූත්‍රයක් හරහා වන්දි ගෙවන බවත් සතොස ආයතනයේ සභාපතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

    සතොස සේවකයින්ට සැප්තැම්බර් මාසයේ වැටුප හිමිවන අතර සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල සහ පාරිතෝෂික දීමනා ඊට අමතරව හිමි වන බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.