fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිතුමතේ සල්ලි අච්චු ගැහිල්ල අදින් ඉවරයි

    හිතුමතේ සල්ලි අච්චු ගැහිල්ල අදින් ඉවරයි

    මහ බැංකුව සහ එහි කටයුතු තවදුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත අද(15)සිට ක්‍රියාත්මක වේ.

    වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ මහබැංකුව මගින් මීට පෙර සිදුකළ මුදල් මුද්‍රණය මින් ඉදිරියට සීමාසහිත වන බවයි.

    ඒ අනුව රට තුළ පවතින විශේෂ ආරක්ෂක ගැටලුවක දී හෝ ලෝක මට්ටමේ සෞඛ්‍ය ගැටලුවකදී යනාදී සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණක් මුදල් මුද්‍රණයට අවස්ථාව හිමිවේ.

    එසේ මුදල් මුද්‍රණය කළ හැකි වන්නේ ද නිකුත් කර ඇති භාණ්ඩාරගාර බිල්පත් වටිනාකමෙන් 5%ක වටිනාකම නොඉක්මවන මුදලක් පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අද සිට ක්‍රියාත්මක මහබැංකු මහ බැංකු පනතේ සුවිශේෂී කරුණු කීපයක් පිළිබඳ පැහැදිලි කරන වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ ද පැවසීය.

    ඔබේ අදහස් දක්වන්න.