මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ රාත්‍රියේ එක් විය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ද ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට එක්ව සිටියහ.
අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද පෙරහැර නැරඹූහ.









