fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටින් මාළුත් එක්ක චීනෙක් දුන්නු ගේමක් අතටම මාට්ටු

    ටින් මාළුත් එක්ක චීනෙක් දුන්නු ගේමක් අතටම මාට්ටු

    මෙරට ප්‍රසිද්ධ වෙළද නාමයක් යටතේ අලෙවි කරන ටින් මාළු අලෙවි සමාගමකින් ටින් මාළු සොරාගෙන අලෙවි කිරීමේ මහා පරිමාණයේ ඡාවාරමක් හෙළිකර ගැනීමට පෑලියගොඩ පොලීසිය සමතත්ව ඇත.

    මෙම ඡාවාරම මෙහෙයැවූ බව කියන චීන ජාතිකයෙකු ඇතුළු 06 දෙනෙක් රුපියල් ලක්ෂ 80කට අධික වටිනාකමක් ඇති ටින් මාළු තොගයක් සමඟ ඊයේ අත්අඩංගුවටද ගෙන තිබේ.

    පෑලියගොඩ පොලිස් ස්ථානයට මේ ගැන අදාල සමාගමෙන් පැමිණිල්ලක් ලැබෙන්නේ තමන්ගේ වෙළඳ නාමය යටතේ ටින් මාළු බෙදා හැරීමේ ඡාවාවරමක් සිදුවන බවටය. මෙම සමාගමෙන් සොරාගන්නා ටින් මාළු බෙදා හැරීමේ ඡාවාරමක් සිදුවන බව හෙළිවන්නේ එම පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදීය.

    ඒ අනුව මෙම සමාගමේ රියදුරෙක් සමාගමට අයත් ලොරි රථයකින්ම සොරාගත් ටින් මාළු තොගයක් ඔලියමුල්ල ප්‍රදේශයේදී වෙනත් රථයකට මාරුකරමින් සිටියදී මුලින්ම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අත්අඩංගුවටගත් රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඡාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් ගැන තොරතුරු අනාාවරණය වී තිබේ.

    සොරකම් කරන ටින් මාළු මොවුන් විසින් රැගෙන ගොස් සඟවා තබන්නේ රත්මලානේ නිවසක බවද හෙළිවී ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් රත්මලානට ගොස් එම ටින් මාළු තොගය පොලිස් භාරයට ගෙන තිබේ.

    මෙම ටින් මාළු අතර කල් ඉකුත් වූ ටින් මාළු මෙන්ම මෑතකදී කල්ඉකුත් වීමට ඇති ටින් මාළුද විශාල තොගයක් තිබී ඇත. මෙම ටින් මාළු වල ලේබල්වල කල්ඉකුත් වීමේ දිනයන් වෙනස්කර ඇති බව මෙහිදී පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

    මෙම ඡාවාරම මෙහෙයැවූ බවට සැකපිට අත්අඩංගුවටගත් චීන ජාතිකයා 48 හැවිරිදි අයෙකි. ඔහුගේ සහයකයා ලෙස කටයුතුකර ඇත්තේ කොටිකාවත්ත මහවත්ත පාරේ පදිංචි 34 හැවිරදි ව්‍යාපාරිකයෙක් , දෙහිවල ශ්‍රී අනගාරික මාවතේ පදිංචිකරුවෙන් වන 52 හැවිරිදි ව්‍යාපාරිකයෙක්, සහ හෝමාගම පිටිපන උතුරේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. සෙසු සැකකරුවන් අතර මාදම්පේ පදිංචි ලොරි රථ රියදුරාද, හැටන් හී පදිංචි කම්කරුවෙක්ද සිටින බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.