fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මන්නාරමේ ගෝනි බිල්ලෝ නැතැයි පොලිස් මාධ්‍ ය ප්‍රකාශක කියන විට තලෙයි මන්නාරම...

    මන්නාරමේ ගෝනි බිල්ලෝ නැතැයි පොලිස් මාධ්‍ ය ප්‍රකාශක කියන විට තලෙයි මන්නාරම පොලීසිය ගෝ නි බිල්ලෝ 02ක් අල්ලයි

    මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් තිදෙනකුව කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමට තැත් කළ බවට පොලිසිය කර ඇති පැමිණිලි සාවද්‍ය පැමිණිල්ලි බවත්, ඒ බව තහවුරු වන කිසිදු තොරතුරක් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශයක් නිකුත්කර පැය දෙකක් යන්නට මත්තෙන් තලෙයි මන්නාරම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දරුවන් තිදෙනෙක් පැහැරගැනීමට තැත් කිරීමකට සම්බන්ධ දෙදෙනෙක් වෑන් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම කෝඩ්ඩෙයි සහ මන්නාරම එමිල් නගර් හී පදිංචි තරුණයින් දෙදෙනකි. මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 24 සහ 19 යන වයස්වල පසුවන්නන් බව තලෙයිමන්නාරම පොලීසිය සඳහන් කළේය.

    මෙම සැකකරුවන් දෙදෙනා විසින් 60-8300 දරණ සුදු පැහැති ඩොල්පින් වර්ගයේ වෑන් රථයකින් පැමිණ පඩිප්පඩි, තලෙයි මන්නාරම ලිපිනයේ පිහිටි මිදුෂනා ස්ටොර්ස් වෙළඳ සැල ඉදිරිපිටදී බාලවයස්කාරුවන් තිදෙනෙක් පැහැරගෙන යාමට උත්සහ දැරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි. මේ අය පැහැරගෙන යාමට උත්සහා දරා ඇතැයි පැවසෙන්නේ සෙල්විනගර් තලෙයි මන්නාරමේ පදිංචි අවුරුදු 14,12 සහ 09 වයස්වල පසුවන බාලවයස්කරුවන් තිදෙනෙකි. මේ අයව අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑන් රථයද සමග ඊයේ සවස් කාලයේදීය.

    සුදු පාට වෑන් රථයකින් පැමිණ මන්නාරමේ දරුවන් පැහැර ගැනීමට කිසියම් පිරිසක් උත්සහගත්තේ යැයි කියමින් මන්නාරම පොලීසිවය පසුගිය 7 සහ 8 යන දිනවල පැමිණිලි කිහිපයක්ම ලැබී තිබුණි. මේ සම්බන්ධයෙන් මන්නාරමේ පාසල් සිසුන් අතර භීතියක් ඇතිවී තිබීම නිසා ප්‍රදේශයේ ආරක්ෂාවද තරකර ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා මේ සම්බන්ධයෙන් ඊයේ සවස මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරනු ලැබුවේ එම පැමිණිලි සත්‍යයෙන් තොර පැමිණිලි බවත් එවැනි සිදුවීමක් වී ඇති බව විමර්ශන වලින් තහවුරු නොවන බවත්ය.

    මෙම සිසුන් කිසිවකුවගේ බලපෑම් මත මෙම පැමිණිලි ඉදිරිපත් කළේ ද යන්න හෙළි කර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද ඔහු එහිදී කීවේය.

    දරුවන් පැහැර ගැනීමට උත්සහ ගත්තේ යැයි කියා තලෙයි මන්නාරම පොලීසිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලබන්නේ එම මාධ්‍ය හමුව පවත්වා පැයක් දෙකක් යන්නට මත්තෙන් වීම විශේෂත්වයකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.