fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උ.පෙළ උත්තර පත්‍ර අගැයීමට අයදුම්පත් කැඳවීම ඔන්ලයින්

    උ.පෙළ උත්තර පත්‍ර අගැයීමට අයදුම්පත් කැඳවීම ඔන්ලයින්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් සඳහා ගුරුවරුන්ගෙන් මාර්ගගත ක්‍රමයට අයැදුම් පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබේ.

    විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ එම කාලය හෙට (04) මධ්‍යම රාත්‍රී 12 දක්වා එම කාලය දීර්ඝ කළ බවයි.

    උසස් පෙළ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට තවදුරටත් අයැදුම් කිරීමේ අවස්ථාව පවතින බව ඔහු ප්‍රකාශ කළා.

    මේ යටතේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව ගුරුවරුන්ගෙන් මෙම අයැදුම්පත් කැඳවෙනු ඇති.

    උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා විශ්‍රාමික ගුරුවරුන්ට ද ඒ සඳහා අයැදුම් කළ හැකියි.

    විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ගෙන් එලෙස අයැදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ කැඳවන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.