fbpx
තවත්
    මුල් පිටුවක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපිගොනු පිට ගියේදැයි විමර්ශනයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපිගොනු පිට ගියේදැයි විමර්ශනයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සුජීව ගොඩලියද්ද මහතාගෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් ඒකකය අද (07) පැය හතරහාමාරක කාලයක් ප්‍රශ්න කළේය.

    ඉකුත් ඉරිදා ගොඩලියද්ද මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ එහි තිබුණු ලිපි ගොනු කිහිපයක් රැගෙන ගියේ යැයි කියනු ලබන සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් එසේ ප්‍රශ්න කර ඇත.

    එදින සුජීව ගොඩලියද්ද මහතා සමග ක්‍රිකට් ආයතනයට ගියේ යැයි කියනු ලබන ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස හදුන්වාදුන් තැනැත්තියකගෙන් සහ ඔවුන් ගමන් කළ මෝටර් රථයේ රියදුරාගෙන්ද මෙයට පෙර ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්නකර තිබේ.

    පොලිස් ඒකකයේ නිලධාරීන් ඉකුත් අගහරුවාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගොස් එහි ආරක්ෂක නිලධාරීන්ගෙන්ද , කළමනාකරුවන්ගෙන්ද ප්‍රශ්නකර ආරක්ෂක කැමරා පද්ධතිය පවා පරීක්ෂාකර ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ සුජීව ගොඩලියද්ද මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත පැමිණියත් පිටව යන අවස්ථාවේදී කිසිවක් රැගෙන නොයන බවකි. එහෙත් ඔහු කිසිවෙකුත් නොමැති ස්ථාන වෙත යමින් හුදෙකලා වෙමින් දුරකතන ඇමතුම් ගන්නා අයුරු එම ආරක්ෂක කැමරා දර්ශන මගින් පොලිස් ඒකකයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත.

    තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉරිදා දිනක පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් කළ දැනුම් දීමකට අනුව බව සුජීව ගොඩලියද්ද මහතා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. තමා එදින පමණක් නොව, ඊට පෙර අවස්ථා තුනකදීම පැමිණ ඇතැයිද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.