fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ රාජාසන කතාව වර්ජනයට පක්ෂ කිහිපයකින් තීන්දුවක්

    ජනපතිගේ රාජාසන කතාව වර්ජනයට පක්ෂ කිහිපයකින් තීන්දුවක්

    පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා යළි විවෘත කරන අවස්ථාව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය හා නිදහස ජනතා සන්ධානය තීරණය කර තිබේ.

    සමඟි ජන බලවේඟය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේ අද (6) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

    එමෙන්ම ජනාධිපතිවරයාගේ රාජසන කතාව සම්බන්ධ කිසිදු අවස්ථාවකට සහභාගී නොවී සිටීමේ තීන්දුවක්ද එම පක්ෂය විසින් ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

    මේ අතර රාජාසන කතාවේදි පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ යෝජනාවක්ද ගෙන ඒමේ සූදානමක් පවතින් බවද මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.

    මේ අතර නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීමට තම මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළ බවයි.

    මන්ත්‍රීවරයා සඳහන් කළේ පෙබරවාරී 8 වෙනිදා පාර්ලිමේන්තුවේ තිබෙන සංදර්ශනයට තම මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවන බවයි.

    “රාජාසන කතා , ප්‍රතිපත්ති ප්‍රකාශන අහන්න ජනතාවට අවශ්‍යතාවයක් නැති බවත් මේ මොහොතේ ප්‍රශ්න වලට විසදුම් අවශ්‍ය බව”ද ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.