fbpx
තවත්
    මුල් පිටුවspecialඇමරිකාව කැළඹූ චීන බැලුම

    ඇමරිකාව කැළඹූ චීන බැලුම

    චීන බැලුනයක් ඇමරිකානු ගුවන් කළාපයට ඇතුළු වීමත් සමඟ දෙරට අතර මේවන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
    ඒ අනුව මෙම බැලුනය මත පදනම්ව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් විසින් චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ සංචාරය පවා නතර කර දැමීමට තිරණය කර තිබිණි.
    මෙම මතභේදයට තුඩුදුන් බැලුනය පසුගියදා කැනඩාව සහ ඇලස්කාව හරහා ඇමරිකානු ගුවන් කළාපයට ඇතුලු වී ඇති අතර පසුව එක්සත් ජනපදයේ නැගෙනහිර දෙසට ගමන් කර ඇත. එහිදී මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ඇමරිකානු ආරක්ෂක අංශ එය සූක්ෂම නීරීක්ෂණය කිරීමට පියවර ගෙන තිබිණි.

    මෙහිදී අනාවරණය වී ඇත්තේ අදාල බැලුනය චීනයට අයත් වූවක් බවයි. එහෙත් එම බැලුනය පුපුරවා හැරීමකින් වැලකී සිටීමට එක්සත් ජනපදය පියවර ගෙන ඇත්තේ පුපුරා යෑමකින් මහජනයාට හානියක් ඇති වීමට ඉඩ පවතින බැවිනි.

    අදාල බැලුනය මගින් චීනය විසින් ඇමරිකා එක්සත් ජනපදය තුල ඔත්තු බැලීම සිදුකර ඇති බවට එක්සත් ජනපදය විසින් චෝදනා කරයි. එහිදී ඇමරිකාවේ ජාතික ආරක්ෂාවටත් ස්වෛරීභාවයට බලපෑමක් කර ඇති බවට චීනයට චෝදනා කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රථමයේ චීනයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොතිබුණු අතර අද පෙරවරුවේ චීන විදේශ අමාත්‍යංශය විසින් අදාල බැලුනය චීනයට අයත් බවට පිළිගෙන තිබූ අතර ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ අදාල බැලුනය හුදෙක් කාළගුණ නීරීක්ෂණ කටයුතු වලට පමණක් යොදාගන්නා ලද්දක් බවත් එය පුද්ගලික බැලුනයක් බවත්ය.

    අදාල බැලුනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය දැඩි අප්‍රසාදය පළකර ඇති අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසා ඇත්තේ මෙම ඇමරිකා එක්සත් ජනපදයේ ස්වෛරීභාවයට දැඩි අභියෝගයක් එල්ලකනර බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.