fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වල්ලිපුරම්වලින් කොටි කොඩියක් මතුවේ

    වල්ලිපුරම්වලින් කොටි කොඩියක් මතුවේ

    පේදුරුතුඩුව වල්ලිපුරම් හී නිවසක් ඉදිරිපිට පොල්ගසක් පාමුල තිබුණු පාර් සලයකින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කළ වර්ගයේ කොඩියක් යුද හමුදා බුද්ධි අංශ කණ්ඩායමකට ඊයේ සොයාගෙන තිබේ.

    මෙම කොඩිය සහිත පාර් සලය හමුවූ ස්ථානය අසල ඇති නිවසේ ජීවත්වන අඹුසැමි යුවල පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බව පොලීසිය කියයි.

    පේදුරුතුඩුව 551 යුද හමුදා කදවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටින බුද්ධි අංශයේ මේජර්වරයෙකු හා ඔහුගේ සහයකයාට ලද තොරතුරකට අනුව මෙම ස්ථානයේ තිබුණු පාර්සලය පරීක්ෂා කිරීමේදී එල්.ටී.ටී.ඊ.යට අයත් මෙම කොඩිය හමුවී ඇතැයි පොලීසිය කියයි.

    මේජර්වරයා මේ බව පොලීසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් කණ්ඩායමත් එම ස්ථානයට ගොස් එම කොඩිය සිය භාරයට ගෙන විමර්ශනයක් ආරම්භකර ඇත. මෙම එල්.ටී.ටී.ඊ. කොඩි හමුවූ ස්ථානය අසල නිවසේ හිමිකරුගෙන්ද පොලීසිය ප්‍රශ්නකර ඇත.

    ඔහුගේ නිවසේ ආරක්ෂක කැමරා සවිකර ඇති බව ද පොලීසිය කියයි. විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ කිසියම් අයෙක් විසින් මෙම ස්ථානයට මෙම කොඩිය සහිත පාර්සලය දමාගොස් ඇති බවය. මෙම කොඩිය අලුත් එකක් බවද පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.