fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සක්විති රණසිංහට අද වෙච්ච දේ...

    සක්විති රණසිංහට අද වෙච්ච දේ…

    අධිකරණය හමුවේ තමාට එල්ල වූ චෝදනා 11කට වරද පිළිගත් සක්විති රණසිංහට කොළඹ මහාධිකරණය විසින් එක් එක් චෝදනාවට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් එනම්, වසර 22ක සිර දඬුවම් නියම කොට එය වසර 5කට අත්හිටුවා තිබේ.

    ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 25000/- බැගින් දඩ නියම කර ඇත.

    සක්විති රණසිංහ විසින් මූල්‍ය වංචාවක් සිදු කිරීමෙන් පසු ලංකාවෙන් පලාගොස් ඉන්දියාවේ රැඳී සිට ඔහු නැවත ලංකාවට පැමිණ තිබුණේ විදේශ ගමන් බලපත්‍රයෙන් වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමිනි.

    ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එවකට තොරතුරු අනාවරණය කර ගනිමින් කළ විමර්ශනයේදී එම විදෙස් ගමන් බලපත්‍රයට අමතරව වෙනත් පුද්ගලයින්ගේ නම්වලින් සකස් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් හතක් ද තිබී ඇත.

    මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අද ආරම්භ වීමට නියමිතව තිබුණි.

    අද පළමු සාක්ෂිය දීමට නියමිතව තිබුණේ අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ එවකට පොලිස් පරීක්ෂකයෙකු ව සිටි සේරසිංහ නැමැති නිලධාරියා ය.

    එම නිලධාරියා මේ වනවිට පොලිස් රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරමින් සිටි.

    නඩු විභාගයේදී විභාගයේ දී ඔහු සාක්ෂි දීමට නැගී සිටින අවස්ථාවේදී සක්විති රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබුණේ තමාගේ සේවාදායකයා එනම් සක්විති රණසිංහ, මෙම සියළු චෝදනාවලට වරදකරු ලෙස පිළිගන්නා බවයි.

    එහිදී සක්විති රණසිංහ අධිකරණයෙන් ආයාචනා කර ඇත්තේ, තමා වසර නමයක් මීට පෙර වෙනත් චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිර දඬුවම් විඳි අතර, දැන් තමා මෙන්ම තමාගේ දරුවන් ද ක්‍රමයෙන් සමාජගත වන බැවින් මේ අයුරින් ජීවත් වීමට තමාට තවදුරටත් අවස්ථාව ලබා දෙන ලෙසයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බලා අධිකරණය ඉහත තීන්දුව ලබාදී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.