fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්Softlogic Life ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්‍ෂණ සමාගම බවට පත්වෙයි

    Softlogic Life ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්‍ෂණ සමාගම බවට පත්වෙයි

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්‍ෂණ සමාගම වන Softlogic Life ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්‍ෂණ සමාගම බවට පත්ව ඇත.

    ළාබාලම ජීවිත රක්ෂණ සමාගම ලෙස 05 වැනි ස්ථානයේ පසුවූ Softlogic Life මෙසේ ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ බව ඊයේ (14) නිවේදනය කළේය.

    මෙම අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද සියලු බාධක නොසලකා හරිමින් 2022 වසරේ පළමු භාගය තුළ ඉහළ වර්ධන කාර්ය සාධනයක් වාර්තා කරමින් Softlogic Life මෙම ඉලක්කයට ළගා වී තිබේ.

    සොෆ්ට්ලොජික් ලයිෆ් මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරන්නේ, මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්කරගත් මෙරට ළාබාලතම ජීවිත රක්ෂණකරු බවට පත් කරමිනි.

    2022 ජූනි 30 න් අවසන් වූ මාස හය තුළ, Softlogic Life විසින් රු. බිලියන 11.4 ක දළ ලිඛිත වාරිකයක් (GWP) සටහන් කළේ 24% ක ඉහළ පෙළේ වර්ධනයක් සමඟයි. එය පසුගිය වසරට සාපේක්ෂව 18.7% ක සමස්ත කර්මාන්ත වර්ධනයකි. 2022 ජූනි 30 වන විට 17.1% ක් වූ Softlogic Life වෙළඳපල කොටස් දැන් ජීවිත රක්‍ෂණ වෙළඳපොලේ දෙවන විශාලතම සමාගම ලෙස ශ්‍රේණිගත කර ඇත.

    සෙසු තරගකාරී ආයතන සමඟ සංසසන්දනාත්මකව බැලීමේදී මෙය දශක ගණනාවක් පුරා පැතිරී ඇති දැවැන්ත රක්ෂණ සමාගම් ද අභිබවා ලද ජයග්‍රහණයකි.

    එක් දින ස්වයංක්‍රීය හිමිකම් පියවීම, රෝහල්ගත වීමේ හිමිකම් විනාඩියකදී පියවීම, 100% ඩිජිටල්කරණය වූ අලෙවිකරණ වේදිකාව, ස්වයංක්‍රීය ප්‍රතිපත්ති නිකුතුව යනාදී සේවාවන් තුළින් සමාගමට උසස් පාරිභෝගික අත්දැකීමක් ලබ දීමට මහෝපකාරී වී ඇත.

    එසේවුවත් කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ වුවද Softlogic Life සමාගමට වර්ධනය වීමට හැකි වූ දැවැන්තම කරුණ වී ඇත්තේ වසංගතය සහ පූර්ණ ආර්ථික අර්බුදයකින් කඩාකප්පල් වූ ව්‍යාපාරික පරිසරයක් තුළ වුවත් සමාගම මිලියන 1.5 කට අධික ගනුදෙනුකරුවන් සමඟ ස්ථාවරව කටයුතු කිරීමයි.

    කොවිඩ් ව්‍යසනය පවතින කාලය තුළ Covid-19 හිමිකම් රුපියල් බිලියන 1.4ක් ගෙවා ඇති අතර සමාලෝචන කාල සීමාව තුළ නව ව්‍යාපාරවලින් 17% කට වඩා ආකර්ෂණය කරගැනීමට හැකිවී තිබේ.

    වසරින් වසර මෙම අතිවිශිෂ්ට වර්ධනයන් අත්පත් කරගනිමින්, Emerging Asia Awards 2021 සම්මාන උළෙලේදී Softlogic Life සමාගම “වසරේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම” ලෙසත්, Effie Awards – 2019/2021 හිදී අඛණ්ඩව වසර දෙකක් “වසරේ සන්නාමය” දිනාගත් එකම සන්නාමකරු ලෙසත් නම් කරනු ලැබිණ.

    මීට අමතරව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 2021 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී විනිවිදභාවය සහ ආයතනික පාලනය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යාම‍ වෙනුවෙන් සමාගම විසින් කරන ලද කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස, Softlogic Life සමස්ත කර්මාන්ත අතර මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම රක්ෂණ අංශයෙන් රන් සම්මානයක් ද ජයග්‍රහණය කළේය.

    සොෆ්ට්ලොජික් ලයිෆ් සමා‍ගමේ සභාපති අශෝක් පතිරගේ මහතා, Softlogic Life ලැබු නව ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

    සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා

    “සොෆ්ට්ලොජික් ලයිෆ් හි මෙම ජයග්‍රහණය ගැන මම සැබවින්ම ආඩම්බර වෙමි. නිර්භීත නායකත්වයක් විසින් මෙහෙයවනු ලබන, ‘කළ හැකියි’ යන ආකල්පය සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් වෙනුවෙන් විචිත්‍රවත් උපාය මාර්ග ඇති කණ්ඩායමක් මෙන්ම විරුද්ධාභාසයන් නොසලකා හැරීමටත්, සමාගම හැමවිටම විශ්වාස කිරීමත් මෙයට හේතුවී ඇත.

    අද ඔවුන් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්‍ෂණ සමාගම බවට පත්වීමේ මුදුන් මල්කඩ කරා ගමන් කරමින් එය ඉටු කර තිබේ.

    “මෙම ජයග්‍රහණයත් සමඟම ගෝලීය ආයෝජකයින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය ආයෝජනය වෙනුවෙන් තෝරාගන්නා අතරම අපගේ ව්‍යාපාරය සෑම අංශයකින්ම වර්ධනය කිරීම සඳහා මිල කළ නොහැකි සහයෝගයක් එමගින් ලබාදෙයි. 2011 වසරේදී ‘සොෆ්ට්ලොජික් සමූහය’ යටතේ අප විසින් තැනූ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ්, රක්ෂණ කර්මාන්තයේ වෙනසක් ඇති කරමින් වේගයෙන් වර්ධනය වී ඇති ආකාරය දැකීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙමි.” යැයි ද සභාපතිවරයා අදහස් දක්වමින් පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.