fbpx
තවත්
    මුල් පිටුවspecialජපානය භීතියට පත්කළ වදුරු කල්ලියේ සාමාජිකයෙකු ඝාතනය කරයි

    ජපානය භීතියට පත්කළ වදුරු කල්ලියේ සාමාජිකයෙකු ඝාතනය කරයි

    සති ගණනාවක් පටන් ජපාන වැසියන් භීතියට පත් කළ වඳුරු කල්ලියක සාමාජිකයෙකු ඝාතනය කිරීමට සමත්වූ බව එරට බලධාරීන් පවසයි.

    ජපානයේ යමගුචි ප්‍රදේශයේ සැරිසැරෑ මෙම වදුරු කල්ලිය විසින් පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට රජය විසින් විශේෂිත දඩයම්කරුවන් යොදා ගැනීමට බලධරීන්ට සිදුවිය.

    මෙලෙස යොදාගත් දඩයම්කරුවන් විසින් යමගුචි ප්‍රදේශයේ පාසල් භූමියක සිටි වැඩුනු පිරිමි වඳුරෙකු සොයා ගැනීම සමත්ව ඇත. එහිදී වදුරා ප්‍රථමයෙන් නිර්වින්දය කර අල්ලා ගෙන පසුව මරා දැමීමට පියවරගත් බව ජපාන බලධාරීන් පවසයි.
    මෙලෙස මරා දෑමූ වදුරා වයස අවුරුදු හතරක් වන අතර උස මඅඩි 1 අඟල් 7 පමණ බවද ජපාන බලධාරීන් පවසයි. ඒ අනුව මේවන විට මෙම කල්ලියේ අනෙකුත් වදුරන් සොයා දිගටම මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ජපාන බලධාරීන් සඳහන් කරයි.
    කෙසේ වෙතත් ජපාන වැසියන් පවසන අන්දමට මෙම වදුරා මරා දෑමෙන් පසුවද සෙසු වදුරන් විසින් ප්‍රදේශ වාසීන්ට දිගින් දිගටම පරදීම සිදුකර ඇත.

    පසුගිය සති තුනකට පමණ කාලයේදී වැඩිහිටියන්ට සහ ළමුන්ට මෙම වදුරු කල්ලිය පහර දීම සිදුව ඇති අතර එහිදී බොහෝ දෙනෙකු සපා කෑම් සහ සීරීම් වලට ලක්ව ඇත.

    ජපානයේ ප්‍රදේශ රැසක වදුරන් බහුලව දක්නට ලැබෙන අතර සමහර ප්‍රදේශවල පළිබෝධකයන් ලෙසද මෙම වදුරන් සලකනු ලැබේ. මෙම වදුරන් විසින් වගා බීම් වලට විශාල වශයෙන් හානි කිරීම් සිදුකරන අතර ඇතැම් අවස්ථා වලදී නිවාසවලට ඇතුළු වීම්ද වාර්තාවේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.