fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරුවරුත් ළඟම පාසලට

    ගුරුවරුත් ළඟම පාසලට

    ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුවරුන්ට ළඟම පිහිටි පාසලට අනුයුක්තයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මෙලෙස ගුරුවරුන් අනුයුක්ත කිරීම මේ වසරේ දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලයට පමණක් සිදු කිරීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    එකම පලාත තුල ඇති ජාතික පාසල් අතර සහ ජාතික පාසල් හා පළාත් පාසල් අතර ගුරුවරුන් අනුයුක්ත කිරීම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගත යුතුය.

    පළාත් දෙකක් අතර පළාත් සභා පාසල්වල ගුරුවරුන් අනුයුක්ත කිරීම අදාළ පළාත්වල පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සිදු කෙරේ.

    පළාත් අතර සිදුවන ජාතික පාසල්වලට අනුයුක්ත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මගින් සිදුකල යුතුය.

    මාරුවීමට ඉල්ලුම් කරන ගුරුභවතා පාසලේ අතිරික්ත නොවේ නම් සුදුසු අනුප්‍රාප්තිකයකු ලබා දීමෙන් ලබාදීමෙන් පසු පමණක් අනියුක්ත කිරීම සිදුවේ.

    විදුහල්පතිවරුන්ගේ එකඟතාව මත සුහද ස්ථාන මාරු සිදු කරන ආකාරයටම එම පදනම අනුයුක්ත කිරීම් සලකා බැලිය යුතු බවටද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

    ගර්භනී භාවය මත හා වෛද්‍ය නිර්දේශය මත සිදුකරනු ලබන සිදු කරනු ලබන විවෘත කිරීම් අදාළ වෛද්‍ය සහතික මගින් සනාථ කළ කර ගැනීම අවශ්‍ය බව බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.