fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටි 04ක මත්කුඩුයි මිලියන 17 සල්ලියි එක්ක 03ක් අල්ලයි

    කෝටි 04ක මත්කුඩුයි මිලියන 17 සල්ලියි එක්ක 03ක් අල්ලයි

    ඩුබායි හී රැදී සිටින ඡාවාරම්කරුවෙක් විසින් මෙහෙයවන ලද මත්ද්‍රව්‍ය ඡාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එම ඡාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු තිදෙනක් හෙරොයින් තොගයක් සහ මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් උපයාගත් රුපියල් කෝටියකට අධික මුදලක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    අතුරුගිරිය ගොඩගමදී ප්‍රදේශයේදී මෙම වැටලීම කර ඇත්තේ ඉකුත් 18 වෙනිදාය. පොලිස් මූලස්ථානය අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ මුලින්ම හෙරොයින් ග්‍රෑම් 294ක් සමඟ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවය. අනතුරුව එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පාදුක්කේ දී කළ වැටලීමකින් හෙරොයින් කිලෝ 03 ග්‍රෑම් 300ක් සමඟ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු මත මෙම මත්කුඩු ඡාවාරමට ආධාර හා අනුබල ලබාදීම් සම්බන්දයෙන් පාදුක්ක අංගමුවේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගත් බවත් ඇය සන්තකයේ තිබී එක්කෝටි හැත්තෑනව ලක්ෂ තිස්හය දහස් පන්සියයක මුදලක් සොයාගත් බවත් එම මුදල මත්කුඩු ඡාවාරමෙන් උපයාගත් බවට සැකකරන බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාශය සඳහන් කරයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථයක්ද පොලීසිය සොයාගෙන ඇත.

    මෙම මත්ද්‍රව්‍ය ඡාවාරම මෙහෙයවන්්නේ ඩුබායි හී රැදී සිටින සැකකරියගේ සැමියා බවටද තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිස් මත්ද්‍රව්‍ය කාාර්යංශය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.