fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මීගමුවේ ප්‍රසිද්ධ හෝටලයට ගිනි තබා කොල්ලකෑ භාණ්ඩ ගම්වැසියෝ පොලීසියට රැගෙන එති

    මීගමුවේ ප්‍රසිද්ධ හෝටලයට ගිනි තබා කොල්ලකෑ භාණ්ඩ ගම්වැසියෝ පොලීසියට රැගෙන එති

    මීගමුවේ ප්‍රසිද්ධ හෝටලයකට පහරදී ගිනි තබා එහි තිබුණු දෙපොල කොල්ලකෑ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ අද උදෑසන සිට විවිධ පුද්ගලයින් පැමිණ තමන් විසින් කොල්ලකෑ භාණ්ඩ කටාන පොලිස් ස්ථානයට භාරදීමට පටන් ගෙන තිබේ.

    සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සඳහන් කරනු ලැබුවේ ලේඛනගත කරමින් එම භාණ්ඩ පොලීසිය මේ වන විට භාරගන්නා බවත් ස්ව කැමැත්තෙන් කොල්ලකෑ භාණ්ඩ භාරදෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් නොකලත් එම භාණ්ඩ භාර නොදී සඟවාගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවය.

    පොලීසිය ඊයේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් කොල්ලකෑ භාණ්ඩ භාරදෙන ලෙසට දැනුම් දුන් බවත් මුලින් ඊට ප්‍රතිචාර නොවූ තැන නිවාස පරීක්ෂාකරමින් කොල්ලකෑ භාණ්ඩ සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගැනීමත් සමග එම භාණ්ඩ භාරදීමට ජනතාව පෙළඹුනු බවද එරික් පෙරේරා මහතා කීය.

    මෙසේ දේපොල කොල්ලකා තිබුණේ සාමාන්‍ය පුද්ගලයින් බවද ඔහු කීය.

    භාණ්ඩ භාරදීමට යම් අවස්ථාවක් ලබාදී පසුව නිවාස පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිත බව පොලිිස් තොරතුරු සඳහන් කළේය. දේපොල කොල්ලකා යන පුද්ගලයින් සහ එම දේපොල රැගෙන යන වාහන පැහැදිලිවම ආරක්ෂක කැමරා වල සටහන්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.