fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිඟ- පෝලිම්- බොරු වාහන මිලවල් හදපු වැරදි තීරණ ගැන IMF කියයි

    හිඟ- පෝලිම්- බොරු වාහන මිලවල් හදපු වැරදි තීරණ ගැන IMF කියයි

    ආනයන සීමා කිරීම්, විදේශ විනිමය හිඟය, භාණ්වල මිල පාලනය හේතුවෙන් සීනි, සහල්, කිරිපිටි, සහ ගෑස් වැනි භාණ්ඩ කිහිපයක් සඳහා හිඟයක් ඇති වීමට හේතුවූ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා තිබේ.

    විකෘති වෙළෙඳපොළක් ඇති කරනු ලබන මෙම පියවර ක්‍රමාන්‍රකූලව ඉවත් කළ යුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැඩි ලෙස අවධාරණය කර තිබේ.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සෑම වසරකම පාහේ නිකුත් කරන උපදේශන වාර්තාව ද ඇතුළුව මේ මස නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ උපදේශන වාර්තාව මගින් මේ බව පවසා ඇත. එහි මෙරට සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරයාගේ ස්ථාවරත්වය හා අර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට නිර්දේශ ද ලබාදී ඇත.

    ජීවන වියදම ඉහළ යාම සීමා කිරීම සඳහා මූලික ආහාර ද්‍රව්‍ය සඳහා මිල පාලනය 2021 මැද භාගයේදී හඳුන්වා දුන් නමුත් අවසානයේ 2021 ඔක්තෝම්බර් මාසයේදී ඉවත් කරන ලදී.

    ගෝලීය කොවිඩ් වසංගතයට මුහුදීම සඳහා කඩිනම් ප්‍රතිපත්තිමය ප්‍රතිචාරය සම්බන්ධයෙන් IMF විධායක අධ්‍යක්ෂවරුන් සිය වාර්තාව මගින් ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රශංසා කර ඇත. වසංගතයේ බලපෑම සමනය කර ඇති එහි සාර්ථක එන්නත් කිරීමේ මෙහෙයුම පිළිබඳ එහිදී අගැයීමට ලක්කර තිබේ.

    මේ අතර වාහන ආනයනය අත්හිටුවීමෙන් රජයට ලද ආදායම්වල සැළකිය යුතු පාඩුවක් වී ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ. එමෙන්ම මෙහිදී රජයට අමතර වැයවූ COVID-19 වියදම් නිසා රජයට වූ පාඩුව , ප්‍රක්ෂේපිත වාර්ෂික ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.9ක් පමණ විය.

    වාහන ආනයනය තහනම වසංගතය අතරතුර වෙළඳපල සහ පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවකට පත්කළ බව ද එහි සඳහන් ය. වෙනත් කාලවලට වඩා මේ වසංගත තත්ත්වය පෞද්ගලික ප්‍රවාහන අවශ්‍යතා බෙහෙවින් වැඩිවූ අවධියකි. පෞද්ගලික ප්‍රවාහන අවශ්‍යතා ඉතාම වැඩිවූ මොහොතක මෙලෙස වාහන ආනයනය සීමා කිරීමෙන් පාවිච්චි කළ වාහන මිලද අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුවූ අතර ඉන් ජනතාව ද අතිමහත් දුෂ්කරතාවට පත්වූ බව එම වාර්තාව කියයි.

    වසංගතය තුළ හඳුන්වා දුන් ආනයන සීමා කිරීම් සහ ප්‍රාග්ධන ප්‍රවාහ කළමනාකරණ පියවර (CFMs) තාවකාලික විය යුතු බව එහිදී අවධාරණය කර ඇත. 2020-21 කාලය තුළ ඇතැම් ප්‍රමුඛතා නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවන ලද අතර, මෙමගින් ආනයන බිල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.4 කින් අඩු කරනු ඇතැයි අපේක්ෂා කෙරිණ. නමුත් එවැනි ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර බැවින් බලධාරීන් විසින් ඒවා ක්‍රමානුකූලව ඉවත් කිරීමට කාලසටහනක් සකස් කළ යුතු බවට IMF නිර්දේශයයි.

    ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයක් අවශ්‍ය බව IMF අධ්‍යක්ෂවරු එකඟ වෙති. පීඩනය, අයවැය හිඟය සඳහා මහ බැංකුවේ මුදල් අච්චු ගැසීම ක්‍රමානුකූලව ඉවත් කිරීම පිලිබඳ ඔවුහු වාර්තාව මගින් උපදෙස් දෙති.

    නම්‍යශීලී විනිමය අනුපාතයකට ක්‍රමානුකූලව නැවත පැමිණීම නිර්දේශ කර ඇති අතර බාහිර ගැලපීම් සහ ජාත්‍යන්තර සංචිත නැවත ගොඩ නැගීම කළ යුතු බවද අධ්‍යක්ෂවරු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. කොන්දේසිවලට අනුව ප්‍රාග්ධන ප්‍රවාහ කළමනාකරණ පියවර ක්‍රමයෙන් ලිහිල් කරන ලෙස ද එහි සඳහන් ය.

    අදාළ සම්පූර්ණ වාර්තාව මෙහි දැක්වේ.

    1LKAEA2022001
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.