fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසරකට පසු ඉන්දීය ගොවීන් සිය විරෝධතා අතහරී

    වසරකට පසු ඉන්දීය ගොවීන් සිය විරෝධතා අතහරී

    වසරකට අධික කාලයක් ඉන්දීය ගොවීන් එරට රජයට එරෙහිව ගෙන ගිය විරෝධතා අවසන් කිරීමට තීරණය කර තිබේ.
    පසුගිය කාලය පුරා අරගල කළ සිය ඉල්ලීම් ඉටුකරන බවට ඉන්දීය රජය සහතික වීමත් සමඟ ගොවීහූ තම විරෝධාව අත්හල බව ගොවි සංගම් නියෝජිතයින් පවසා ඇත.

    ඉන්දීය රජය විසින් ඉකුත් මාසයේදී අලුතින් හදුන්වා දුන් කෘෂි කාර්මික නීති තුල යලි හකුලා ගත් අතර ඉන් පසුවත් සිය නිෂ්පාදන සඳහා සහතික මිලක් සහ විරෝධතා කළ ගොවීන්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමර්ග නවතා දමන ලෙසට බලකරමින් ගෙවින් විසින් විරෝධතා දිගින් දිගටම ගෙනයනු ලැබීය.

    ඒ අනුව ඉන්දීය රජය විසින් සිය ඉල්ලීම් ඉටුකරන බවට සහතික වීමත් සමඟ විරෝධතා අවසන් කිරීමට තීරණය කළ බව ගොවි සංගම් නායකයකු වන බල්බීර් සිං රාජ්වාල් ප්‍රකාශ කර තිබේ.

    කෙසේ වෙතත් එළැඹෙන ජනවාරි 15 වැනිදා ගොවි සංගම් විසින් යලිත් වරක් ඉන්දීය රජය විසින් දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කර ඇත්දැයි සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.

    මේ අතර යම් අයුරකින් ඉන්දීය රජය සිය ඉල්ලීම් ඉටු කිරීමට අසමත්ව ඇත්නම් යලිත් වරක් තමන් විරෝධතා වල නිතරවීමට සූදානම් බවද ගොවි නියෝජතියන් සඳහන් කර ඇත.

    පසුගිය වසරක කාලය තුල ඉන්දීය රජය ඉතා දැඩි ලෙස සිය නව කෘෂි කාර්මික නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබූ අතර ඊට එරෙහිව ගොවීහු කළ විරෝධතා අතරතුරදී ගොවීන් කිහිපදෙනෙකුට ජීවිතද අහිමි විය.

    ඉන් එක් අවස්ථාවකදී විරෝධතාවයක නිරතව සිටි ගොවීන් අනතුරට ලක්කරමින් පලා යෑමට එරට දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු උත්සහ කිරීමක්ද වාර්තා විය.

    කෙසේ වෙතත් ඉන්දීය ගොවීන්ගේ ඡන්ද ඉදිරි මැතිවරණ වලදී සිය ජය තහවුරු කිරීමට එරට බලයේ සිටින භාරතීය ජනතා පක්ෂයට අත්‍යාවශය වේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.