fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන 21 දා පාසල් ඇරියත් විදුහල්පතිලාට එන්න බෑලු

    ලබන 21 දා පාසල් ඇරියත් විදුහල්පතිලාට එන්න බෑලු

    මේ මස 21 වැනි දින පාසල් විවෘත කර ද විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අද අධ්‍යාපන ලේකම් වරයාට ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

    ගුරුවරුන්ගේ සහ විදුහල්පති වරුන්ගේ වැටුප් ගැටලූවට තවමත් විසඳුමක් ලැබී නොමැති හෙයින් එම තීන්දුව ගත් බවද බවද ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා අධ්‍යාපන ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

    ජාතික හා පළාත් සභා පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහ සහකාර විදුහල්පතිවරුන් එම තීන්දුව ක්‍රියාත්මක කරන බවද එම ලිපියේ සඳහන් කර ඇත.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.