පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් කරගන්න එපා

පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් කරගන්න එපා යැයි සභානායක බිමල් රත්නායක මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කළ ප්‍රශ්නකිරීමකට පිළිතුරු දෙමින් සභානායක බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

මෙම කරුණු සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතිබව ද බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේය. එමරැස්වීම මේ වනවිට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.