fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ජනපති අගමැති දුන් නායකත්වයට ෆීල්ඩ් මාර්ෂල්ගේ ගෞරවය

    ජනපති අගමැති දුන් නායකත්වයට ෆීල්ඩ් මාර්ෂල්ගේ ගෞරවය

    හතරවැනි ඊළාම් යුද්ධය නිමා කිරීමට ජනපති හා අගමැති දුන් ආශිර්වාදය අද (19) දිනයේ දීත් ගෞරවයෙන් සිහිපත් කරන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

    වසර 12කට පෙර කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගිය පුවත තහවුරු කළ වේලාවටම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී රණවිරු අනුස්මරණය දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කිරීම විශේෂිතය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ ද පැවසීය.

    වසර 32ක ශාපලත් යුද්ධය නිමා කරමින් ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසානයේ අප දුටුවේ අද වැනි දිනෙක. 2009 මැයි 18 වැනිදා උතුරු හා නැගෙනහිර භූමිය නිදහස් කරගත් අප ත්‍රස්තවාදය විනාශ කොට රට ජාතිය මුළුමනින්ම නිදහස් කර ගත්තේ මැයි 19 වැනිදායි.

    2009 මැයි 18 දා උතුරු හා නැගෙනහිර මුදාගත්තෙ මැයි 19 ත්‍රස්තවාදය විනාශකොට මුදාගත්තේ මැයි 19 දායි.

    යුද්ධයට වැඩිම කැප කිරීමක් කළ ලක්ෂ 2ක යුද හමුදාවට නායකත්වය දෙමින් ඊළාම් 4 අවසන් සටනට මුහුණදීමට ලැබීම මගේ ජීවිතයේ ලද වාසනවක්. එවකට ජනාධිපති එවකට ආරක්ෂක ලේකම්ට මගේ ගෞරවය පුද කළ යුතුයි.

    සිවුවැනි ඊළාම් සටනේ දී රණවිරුවන් 5200ක් රට වෙනුවෙන් දිවි පිදූ අතර තවත් 3000ක පිරිසක් පූර්ණ අබාධිත තත්ත්වයට පත්වුණා. යුධ බිමේ තවත් 19000 තුවලා ලැබුවා. මෙම සටනේ දී ත්‍රස්තවාදීන් 23000 අප මරුමුවට පත් කළා. තවත් 12000ක් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කළා යැයි සරත් ෆොන්සේකා මහතා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.